Wednesday, May 17, 2017

දරුවන්ගේ සිත් රැකගනිමු.

ඔබේ දෙමාපියන් ඔබව රැකබලා ගැනීමේදී කළ සමහර වැරදි ඔබ නොකළ යුතු යැයි හැඟී ඇති. මේ වැරදි 7 ත් ඔබේ දරුවන් රැකබලා ගැනීමේදී ඔබ විසින් නොකළ යුතුම වෙනවා.


ඔබේ දෙමාපියන් ඔබව රැකබලා ගැනීමේදී කළ සමහර වැරදි ඔබ නොකළ යුතු යැයි හැඟී ඇති. මේ වැරදි 7 ත් ඔබේ දරුවන් රැකබලා ගැනීමේදී ඔබ විසින් නොකළ යුතුම වෙනවා.
වචනයෙන් කරන බලපෑම
ප්‍රසිද්ධියේම කෑගැසීම, බැනීම නිසා වරදක් හඳුනා ගැනීමට වඩා දරුවන් ඒ වරද නැවත නැවත කිරීම නවත්වන්න පුළුවන්. නමුත් ඔහුට මානසික වන බලපෑමෙන් නැවත ඉන් ගොඩ ඒමට කාලයක් ගතවෙන්න පුළුවන්. දරුවන්ට ඔබ රිදවූ අවස්ථාවන් සහ ඒ වචනත් මතකයේ තිබෙනවා. ඔබ නිතරම ඔබේ බලය පෙන්වන ආකාරය ගැන සැලකිලිමත් වෙන්න. ඒ මගින් ඔවුන්ගේ ජීවිත කාලයටම කැළලක් ඇතිවෙන්න පුළුවන්.
පරණ වැරද නැවත නැවත මතක් කිරීම
නිතර නිතර පරණ වැරදි කීම නිසා කිසිදාකවත් තමන්ට පරණ වැරදි හදාගන්න බැරිවෙන බව ඔවුන් සිතන්න පුළුවන්. ඒ නිසා ඔවුන්ව අධෛර්යට පත් වෙනවා වගේම ඔවුන් පිළිබඳ කළකිරීමක් ඇතිවෙන්න පුළුවන්.
ඔවුන්ව සැලකිල්ලට නොගැනීම හා වෙනස් ලෙස සැලකීම
මේ විදිහට දඬුවම් කිරීමෙන් ඔවුන් වැඩිහිටියන් වූ විට යහපත් වන්නේ නැහැ. ඔබවත් කවුරු හරි ගණන් නොගෙන සැලකිල්ලක් නොදක්වා පැත්තකට කොන්කර දැමූවොත් ඔබට දැනෙන හැඟීම ගැන හිතන්න.
ශාරීරික දඬුවම් හා මානසික දඬුවම්
ශාරීරික දඬුවම් නිසා ඔවුන් තුළ ඇති ආත්මවිශ්වාසය හීන වෙන්න පුළුවන්. ඔවුන්ට ඔබව කිසිදාක වැටහෙන්නේ නැති බවත් ඔබත් එක්ක ඇති සන්නිවේදනය සම්පුරණයෙන් නවතා දමන්නත් පුළුවන්. මෙය ළමා කාලය පුරාම තිබීමත් සමග පසුකාලීනව ඔබ වෙත නැවත එල්ල වෙන්න පුළුවන්.
ඔබේ දරුවාව සැසඳීම
දරුවාව සැසඳීම හොඳ දෙයක් ලෙස සිතන්න බැහැ. එමගින් අනාරක්ෂිත බව, අවැදගත් බව, අන්අය සමග සබඳතා පැවැත්වීම නැතිනම් සම වයසේ දරුවන් සමග ගත කිරීම ගැන වුවත් චකිතයක් ඇතිවෙන්න පුළුවන්.
දරුවන් රැකබලා ගැනීම ලෙහෙසි කාරණයක් නෙවෙයි. ඔබේ දරුවන්ගේ අවශ්‍යතාවයන් වටහා ගන්න. කරුණාව හා ආදරය දක්වන්න. ආදර්ශයක් වෙන්න උත්සාහ කරන්න. ආදරයෙන් ඉවසීමෙන් ඔවුන්ව ලොකු මහත් කරන්න උත්සාහ කරන්න.
වැරැද්දට ප්‍රතික්‍රියා කළත් හොඳ දෙය පසෙකට දැමීම
දෙමාපියන් දරුවන් තුළින් උපරිමය අපේක්ෂා කරනවා. විශේෂයෙන් අධ්‍යාපන කටයුතු වලදී දරුවන් හොඳ ප්‍රතිඵල ගත්විට ඇගයීම අමතක කිරීමත්, නරක ප්‍රතිඵල ගත්විට ඉතා දරුණු ලෙස දඬුවම් දීම ආදිය සිදුවීම අද සාමාන්‍ය තත්වයක් වෙලා. නිතර දරුවාට ප්‍රසංශා කිරීම වැදගත්. විශේෂයෙන් ඔවුන්ගේ හොඳ ක්‍රියා, දක්ෂතා අගයන්න.
ඔබට කේන්ති ගිය විට ඔවුන්ට නින්ද යෑමට නියෝග කිරීම ­
හුඟක් වෙලාවට දෙමාපියන් කේන්ති ගත්විට ඔවුන්ගේ ඒ හැසිරීම් පාලනය කරගත නොහැකි විටත් දරුවාට ඉතා තදින් පාලනය කර නින්දට යවනවා. නිතරම ඔබ දරුවා සමග සාමයෙන් ගත කිරීම වැදගත්. ඔවුන් ජීවිතයේ තනිකර තැබීම නොකළ යුතුයි. දරුවන්ට ආදරය නැතිව ජීවත් වෙන්න බැහැ.
අපි නොසිතා වුනත් වැරදීම් වෙන්න පුළුවන්. ඒ දෙමාපියනුත් සාමාන්‍ය මනුෂ්‍යයින් නිසයි. නමුත් මනසින් සිතා හැඟීම් සමබර කර දරුවන් වෙනුවෙන් ඉවසමු. 
උපුටාගැනීමකි.

No comments:

Post a Comment