Friday, April 21, 2017

පුංචි පුතෙක්ට ජීවත් වෙන්න උදව් කරමු.......

ඊයෙ පෙරේදා මාළු කට්ටා Facebook Page එකට යාළුවෙක් එවලා තිබ්බ පුංචි දරුවෙක්ට ඇටමිදුළු බද්ධ කිරීමක් කරන්න ආධාර අවශ්‍යයි ඉක්මනට පුළුවන් නම් Post එකක් හදල දාන්න කියල....මම ඇඩ්මින් විදියට පෞද්ගලිකව Page එකේ කිසිම දෙයක් හොයන්නෙ බලන්නෙ නැතුව දාන් නෑ.....ඉතිං මේ සිද්ධිය ගැන මං පෞද්ගලිකව හොයල බලන්න තීරණය කරා අදම...
මට message එක එවපු කෙනාගෙන් මං ඒ කිව්ව දරුවගෙ අම්මගෙ mobile number එක ඉල්ලගෙන කතා කරා...Answer කරේ දරුවගෙ තාත්තා....

"දරුවා අපිට බලන්න පුළුවන්ද ?"කියල ඇහුවම ඒ තාත්තගෙ උත්තරේ වුණේ ඔව් පුළුවන් කියන එක...ඉතිං මං අද ගියා බලන්න ඒ දරුවව....මහරගම පිළිකා රෝහලෙ වාට්ටු අංක 15/B වලදි මේ දරුව හොයාගත්ත....පහළින් ඉන්නෙ ඒ දරුවා..මේ දරුවා ලියුකේමියා රෝගී තත්වයෙන් පෙලනවා..වයස අවුරුදු 6ක පුංචි පුතෙක් ...ගම ගාල්ලෙ නාගොඩ...

ලියුකේමියාව(iv neuroblastoma ) කියන්නෙ රුධිර සෛල නිපදවන පටක වන ඇටමිදුළු තුල හටගන්න  පිළිකා වර්ගයක්.. මේ නිසා අසාමාන්‍ය රුධිර සෛල ප්‍රමාණයක් නිපදවී රුධිරය තුලට එක්වීම සිද්ධ වෙනවා...මේක බොහොම අසීරු රෝගී තත්ත්වයක්....විවිධ ප්‍රතිකාර පියවර ගණනාවකට පස්සෙ මේ දරුවට කරන්න තියෙන ඊළඟ ප්‍රතිකර්මය තමා ඇටමිදුළු බද්ධ කිරීම..මේ ශල්‍යකර්මය ලංකාවේ දැනට සිදුකරන්නෙ නෑ..වෛද්‍ය නිර්දේශය අනුව මේ දරුවා වහාම මේ ශල්‍යකර්මයට භාජනය කරන්න ඕනි..පහළින් ඇති  වෛද්‍ය වාර්තාවක ඡායාරූපයක්...ඊට අමතරව පොලිස් වාර්තාවක්...






ඉන්දියාවෙ මේ ශල්‍යකර්මයට ලංකාවෙ මුදලින් ලක්ෂ 25 ක මුදලක් වැය වෙනවා.....දරුවගෙ රෝගී තත්ත්වය නිසා මේ දරුවගෙ දෙමව්පියන්ට රැකියාවක් කරගන්නවත් හරි හැටි වෙලාවක් නෑ..තවත් සහෝදර සහෝදරියො කීප දෙනක් මේ දරුවට ඉන්නවා.....එක්කො අම්ම ඒ දරුවො බලන් ගෙදර ඉන්නකොට තාත්තා මේ රෝගී දරුව ගාව රෝහලෙ...නැත්නම් තාත්තා ගෙදර අම්මා රෝහලෙ දරුව ගාව....


ඉතින් ඔයාලාට පුළුවන් හැටියට මේ දරුවගෙ ජීවිතේ බේරල දෙන්න උදව් කරන්න..මුදලින් යම් උදව්වක කරන්න බැරි නම් අඩුම ගානෙ මේක Share කරලවත් උදව් කරන්න. ඒ දරුවගෙ දෙමව්පියන්ට ශල්‍යකර්මයට අවශ්‍ය මුදල ඉක්මනින් හොයාගන්න.....

දරුවගෙ මවගෙ නම:D.H දිනෝකා නිරෝශනී
ගිණුම් අංකය:80674009,ලංකා බැංකුව,නාගොඩ
ලිපිනය:"සම්පත්",වළකුඹුර,නාගොඩ
දුරකථන අංකය:077 610 7359

මේක ප්‍රචාරය කරන්න  අනුග්‍රහය ලබාදෙන පන්නිපිටියෙ Sha Web Design ආයතනයටත් මේ ගැන අපිට දැනුම් දුන්න අරවින්ද ප්‍රමිත් කියන පුද්ගලයටත් හුඟක් ස්තූතියි...

No comments:

Post a Comment